
සිව් වැනි තරගයේ ජයත් ඉන්දියාවටයි
Dec 08,2010
නවසීලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන තරග 5න් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගය ද ජයගැනීමට ඉන්දියානු කණ්ඩායම ඊයේ සමත්විය.
ඒ ඊයේ බැංගලෝර්හිදී පැවති සිව්වැනි කඩුලු 5 කින් ජය ගැනීමත් සමගනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායමට ලබාදෙන ලදී.
ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 315 ක් ලබාගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය. ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් නොදැවී ලකුණු 98 ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 48 යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5 ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසුකර යෑමට සමත්විය. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ යූසුෆ් පතාන් නොදැවී ලකුණු 123 ක් රැස්කළේය.
තරගාවලියේ අවසන් තරගය එළඹෙන 10 වැනිදා පැවැත්වීමට නියමිතව තිබේ
Read more »