Members

Username
Password
Remember Me

Tags


news

Latest articles

Rasakatha

Published: Jan 27, 2011 by admin Filed under: Old Articles

Read more »
Comments (1) »

Roshan Talk About Teens

Published: Jan 24, 2011 by admin Filed under: Old Articles

තරුණකම කියන්නේ සෙට් වෙන එක නෙමෙයි

රොෂාන් රණවන

රොෂාන් රණවන ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතාම ඉක්මනින් සිනමාවේ ආකර්ෂණීයත්වය දිනා ගනිමින් පේ‍්‍රක්ෂකයින්ගේ ආදරයට ලක්වූ රංගන ශිල්පියෙක් විදිහටයි අපි රොෂාන් දකින්නේ. මේ වසර රොෂාන්ටත් තීරණාත්මක වසරක්. ඒ රොෂාන් රංගනයෙන් දායක වූ සිනමාපට තුනක්ම මේ වසරේ ඔබට දකින්නට ලැබෙන නිසයි.

කාලයකට පස්සේ අපි රොෂාන් හා වෙනස්ම කතාබහකට යන්න හිතුවා. තවමත් තාරුණ්‍යයේ ඉන්න රොෂාන් ඒ කතාබහේ කළ දෑ මේ පත්ඉරුවේ අපි සටහන් කරනවා.

* රොෂාන් මොනවද මේ අවුරුද්දේ වැඩ කටයුතු

මට මේ අවුරුද්ද බලාපොරොත්තු සහිත අවුරුද්දක් කියලයි දැනෙන්නේ. මොකද 2011 මගේ ජීවිතයේ සන්ධිස්ථාන කිහිපයක්ම හමුවන වර්ෂයක්.

මගේ මොඩ්ලින් ජීවිතේට අවුරුදු 10 යි. මම රංගනයට ඇවිත් අවුරුදු 5 යි. ඒ වගේම මේ අවුරුද්ද වෙනකොට සිනමාපට 10 කට මම දායක වෙලා තියෙනවා. ඒ වගේම මේ වසරේ මගේ සිනමාපට තුනක් තිරගත වෙන්නත් තියෙනවා. චැලෙන්ජර්ස්, සුපර් සික්ස්, මහින්දාගමනය කියන සිනමාපට තුන. තවත් පැත්තකින් මගේ අලුත් නිවහනත් හදා ඉවර කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා.

* ඔය කියන විදිහට පෞද්ගලික ජීවිතෙත් මොකක් හරි වෙනසක් වෙයි ද?

නැහැ එහෙම නම් වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මගේ ගීත ඇල්බමයක් රිලීස් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

* රොෂාන් තරුණයෙක් විදිහට තාරුණ්‍යය ගැනත් ටිකක් කතා කරමුකෝ.

ඔව් එවැනි දෙයක් අහපු එක හොඳයි. මේ තාරුණ්‍ය කියන එක ගොඩක් අය වරද්දගෙන ඉන්නේ. අද සමහරුන් කියනවා මේ ඉන්න තරුණ පරම්පරාව හොඳයි මත්පැන් සිගරට් වලින් ඈත්වෙලා කියලා. හැබැයි මට නම් එහෙම දෙයක් පෙනෙන්න නැහැ.

මොකද මම ගිය සාදවලදි ඒ අවබෝධය තරුණ පරම්පරාව තුළ අඩුයි කියලා මම දැක්කා. මට තේරෙන්නැහැ තරුණ ගැහැනු ළමයි පිරිමි ළමයි තාම මේ සංස්කෘතියේ ඉන්නේ. නයිට් ක්ලබ් ඔය සමාජ ශාලාවලට යන කෙනකුට තේරෙනවා අද තරුණ පරම්පරාවේ තත්ත්වේ.

* හැබැයි ඔය දේ පොදුවේ සමස්ත තාරුණ්‍යයටම ගෝචර නැහැ නේද?

අනිවාර්යයෙන්ම ඒක මම පිළිගන්නවා. හැමෝම එහෙම නැහැ. හැබැයි මම කියන්නේ අද පාසල් යන ළමයින් පවා ඔය වැරැදි දේ කරනවා මම දැකලා තියෙනවා. සමාජ ශාලාවකට යන්න පුළුවන්නම් මේක හොඳින් තේරුම් ගන්න පුළුවන්.

* සාමාන්‍යයෙන් රොෂාන් නයිට් ක්ලබ් යනව ද?

නැහැ ඇත්තටම නැහැ. මොකද මට එහෙම ගිහින් වැඩකුත් නැහැ. මොකද මම මත්පැන් සිගරට් නොබොන කෙනෙක් නිසා. දවසක් මට අහම්බයෙන් යන්න වුණා. ඒකත් අකැමැත්තෙන් වුණ දෙයක්.

හැබැයි මම තේරුම් ගත්තා මම දැකපු දේවල් හැටියට මේක බොරු වැඩක් තේරුමක් නැති වැඩක් කියලා. මම නම් කියන්නේ දරුවන් මොනවද කරන්නේ කියලා මවුපියන් අනිවාර්යයෙන් හොයා බලන්න ඕන. මේක මම තරුණයෙක් විදිහට ඉල්ලන දෙයක්.

* එතකොට මොකක්ද ඔබ සැබෑ තාරුණ්‍ය කියලා දකින්නේ.

මෙහෙමයි තරුණකම කියන්නේ බොන එකවත් සෙට් වෙන එකවත් නෙමෙයි. සෙට් වෙනවා කියන්නේ ඕක නම් ඒකම වැරැදියිනේ. තාරුණ්‍යයට හොඳින් අපේ රට විඳින්න පුළුවන්. හැබැයි ඒක පවුලටවත් රටටවත් බරක් වෙන්න ඕන නැහැ.

අපිට ලංකාව වෙනුවෙන් ගොඩක් දේ කරන්න පුළුවන්. මම මේ පොර ටෝක් දෙනවා කියලා කෙනෙක් හිතයි. මහණ වෙන්න හදනවා කියලා හිතයි. හැබැයි මම මේ කතා කරන්නේ මම දකින ඇත්ත. මගේ පෞද්ගලික හැඟීම. මොකද අද තාරුණ්‍යය ගොඩක් අතරමං වෙලා ඉන්නේ. තාරුණ්‍යයට වගකීමක් තියෙනවා, ඒ රට වෙනුවෙන් සේවය කරන්න.

* සමහරවිට ඔබට දේශපාලනයට කෙනෙක් ආරාධනා කරන්නත් පුළුවන්.

ආරාධනානම් ලැබුණා මට. උදව් කරන්න කියලත් කිව්වා. හැබැයි මම කියන්න ඕන දේශපාලනය ගැන මගේ කිසිම උනන්දුවක් ආසාවක් නැති බව. වෙන රටක හිටියනම් මම දේශපාලනයට එයි. මොකද දේශපාලනය කියන්නේ උතුම් දෙයක්.

නමුත් අපේ රටේ දේශපාලනය කියන වචනයේ තේරුමවත් දන්නේ නැහැ. ඔය සමාජ සේවය අපේ රටේ සියයට දශම ගාණක්වත් වෙනව ද? සමහරු ළඟ ප්‍රතිපත්තියක් නැහැ. එහෙම නෙවෙයි තමන් ස්වාධීන වෙන්න ඕන. මම නම් කියන්නේ දේශපාලනය අපිට අදාළ නැහැ. මොකද කලාකරුවාට වෙන කාර්යභාරයක් තියෙනවා. මේක මගේ මතය මම දන්නැහැ අනෙක් අය කොහොමද කියලා.

* ඔබ ඡන්දය පාවිච්චි කරලා තියෙනව ද?

අනිවාර්යයෙන්ම. ඔව් මම ඡන්දය පාවිච්චි කරලා තියෙනවා.

* දැන් ඔබේ රංගන දිවියට අවුරුදු පහයි. මේ කාලයට යමක් කරන්න ලැබුණා කියලා හිතනව ද?

මම යමක් කළා කියලා හිතනවා. මොකද මම පේ‍්‍රක්ෂකයින් අතරට ගිහින් තිබෙන නිසා. මේ කාලයට හොඳ නිර්මාණ මම කරලා තියෙනවා. චරිතාංග නළුවකු වෙන්න ලැබුණු කාලය මදි. මොකද මට පරිපූර්ණ වෙන්න එකතු කරගන්න ගොඩාක් දේ තියෙනවා.

* පසුගිය කාලේ ඔබ රියැලිටි තරග සඳහාත් සහභාගි වෙනවා අපි දැක්කා.

ඔව් මට ඕන වුණා අත්දැකීම විඳගන්න. හැබැයි ඉතිං ඉතාම ස්වල්පයක් විතරයි හරියට වෙන්නේ. එක පැත්තකින් ගම්වල දක්ෂ තරුණ පිරිසක් හඳුනා ගන්න පුළුවන් වුණා. ඒ නිසා යම් සේවයක් වෙලා තියෙනවා. නමුත් ඔය එස්එම්එස් ක්‍රමය ගැන නම් අපි දන්නේ නැහැ. එහි හරි වැරැද්ද දන්නේ ඇතුළේ ඉන්න අයම තමා.

* ඔය ජනපි‍්‍රයත්වය කියන දේ රොෂාන්ට දැනෙන්නේ කොහොමද?

ඔව් ඒක ජීවිතේට විවිධ විදිහට බලපානවා. සමහර වෙලාවට පෞද්ගලික නිදහසට ඒක බාධාවක් කියලත් හිතෙනවා. තවත් වෙලාවකට හොඳයි කියලත් දැනෙනවා. මොන දේ වුණත් කල්පනා කරලා වගකීමෙන් ජීවත්වෙන්න වෙනවා.

මොකද අපි දිහා බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. ලොකු කුඩා භේදයක් නැතිව. ඉතිං ඒ අයට ආදර්ශයක්ව ඉන්න ඕන. අනෙක ජනපි‍්‍රයත්වය කියන දේ ආභරණයක් කරගන්න එක හානියක් කියලයි මම දකින්නේ.

* මෑත කාලීනව සිනමාවට එක්වූ යුගයක් පූජා - රොෂාන් යුගය. නමුත් පූජා සිනමාවෙන් සමුගන්නවා කියන රාවයත් එක්ක රොෂාන් මොකද හිතන්නේ.

ඔව් මෙහෙමයි පූජා එක්ක මම චිත්‍රපට කිහිපයකම වැඩ කළා. නමුත් ඉතිං ඇය අයින්වුණා කියලා ඒක එතරම්ම මට බලපාන දෙයක් නෙමෙයි. එහෙම වුණාම තවත් වෙන කවුරු හෝ නිළියක් ඉඳියි. අනිවාර්යයෙන්ම එහෙම ආදේශකයක් තියෙන්න ඕනනේ.

ඔබ කියන ආකාරයේ යම් ගැලපීමක් තිබුණා. අපේ සිනමාවේ විජය - මාලිනි, ගාමිණි - මාලිනි, සනත් - සබීතා එහෙම යුග තිබුණනේ. නමුත් පූජා නැති වුණත් වෙන කවුරු හෝ ඒ තැන ඉඳියි.


Read more »
Comments (0) »

Semini's 16th Wedding Anniversary

Published: Jan 6, 2011 by admin Filed under: Semini's 16th Wedding Anniversary

Semini's 16th Wedding Anniversary with bold hair

ලබා දෙන්න පුළුවන් ලොකුම සම්පත ධම්මික මට දුන්නා

විවාහ වෙනවා කියන්නේ පොතේ අත්සන් කරලා නීතිමය කටයුත්තක් පමණක් නොවේ. දෙවිදියක දෙදෙනෙක් එක මඟ යන්නට සූදානම් වෙන අපූරු ගමනක්. කිසිම දිනක එකම විදියට හිතන පතන, එකම ආකාරයේ රුචි අරුචිකම් කොයි විටෙකත් දෙදෙනා තුළ නොතිබෙන්නට පුළුවන්.

එහෙත් එකට ජීවත් වන විට මේ නොගැලපීම් ද ගලපාගෙන ජීවත්වන්නට බොහෝ විට හැකි වෙනවා.

විවාහ ජීවිතේට පුරා වසර 16 ක් සපිරුණු අපේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය නිළියක් පසුගිය දිනක අපට හමු වුණා. ඇය සේමිණි ඉද්දමල්ගොඩ. නිළියක යන වෘත්තීය තත්ත්වයත් සමඟ පවුල් ජීවිතේ සමබරව ගෙනියන එක බෙහෙවින්ම අසීරු කරුණක්. එහෙත් ඒ අසීරුතා, අභියෝග සීරුවෙන් ජය ගන්න සහ ඒවාට සන්සුන්ව මුහුණ දී පවුල් ජීවිතේ සාර්ථක කර ගන්න ඇයට අවස්ථාව හිමි වුණා.

‘මගේ ජීවිතේ් දිහා ආපස්සට හැරිලා බලද්දී මට ලොකු සතුටක් දැනෙනවා. නිළියක් විදියට මේ ක්ෂේත්‍රය තුළ මම ලොකු දුරක් ඇවිත් තිබෙනවා. අනිත් පැත්තෙන් මගේ පෞද්ගලික ජීවිතය සාර්ථක කරගෙන තිබෙනවා. මට ධම්මික මුණ ගැහෙන කොට මම නිළියක් නොවෙයි.

නමුත් මගේ හිතේ කලාව පැත්තට ලොකු නැඹුරුවක්, ආශාවක් තිබුණා. මගේ සිතුම් පැතුම් ඒ කාලෙදිම ධම්මික හොඳින් අවබෝධ කර ගත්තා. මුල් කාලේ කලා කටයුතුවලට යන්න එන්න මාව වැඩි වැඩියෙන් උනන්දු කළේ සහ මට උදව් කළේ ධම්මික.

 ගැහැනියකගේ සිතුම් පැතුම් හඳුනන පිරිමියකු සමඟ සරණ යන්නට ලැබීම සැබැවින්ම ගැහැනියක සතු වාසනා මහිමයක්. ඒ වාසනාව ඇයට උරුම වුණා. ඒ නිසාම තමයි මේසා දුරක් ඇයට ඔහුත් සමඟ, ඔහුගේ ආදරය, සෙනෙහස, රැකවරණය ඇතුව එන්නට හැකි වුණේ.

‘අපි විවාහ වෙලා අවුරුදු 16 ක් ගත වෙලා කියන එක ගැන ආපස්සට හිතද්දි ඇත්තටම පුදුමත් හිතෙනවා. අපි දෙන්නා ඉස් ඉස්සර මුණ ගැහිලා ආදරේ කරපු කාලේ තාමත් මට අද ඊයේ වගේ මතකයි. ඒ කාලේ ධම්මික කලබලයක් නැතුව බොහොම බුද්ධිමත් මනසකින් හිතා බලා කටයුතු කරපු කෙනෙක්.

අතුල මහවලගේ, රොබින් ප්‍රනාන්දු, සේමිණි හා ධම්මික

සේමිණි, ගයනා සුදර්ශනා, ධම්මික, සහන් විජේසිංහ, ජාතික රූපවාහිනියේ අධ්‍යක්ෂ ජනරාල් දේවප්‍රිය අබේසිංහ සහ සේමිණි දියණි කුමලි

ඒ කාලේ ඉඳලම මගේ තිබුණෙ හිතුවක්කාර ගතිගුණ. ඒක ධම්මික හොඳින් අවබෝධ කර ගත්තා. ඒ හිතුවක්කාරකමට ඔහුත් හිතුවක්කාර වෙලා අනුවණ විදියට වැඩ කටයුතු කර ගත්තා නම් අපි දෙන්නට මේ විදියට දීර්ඝ ගමනක් එන්න ලැබෙන්නේ නෑ. මේ ගත කරපු අවුරුදු 16 පුරා අපි දෙන්නා දුක සතුට සම සමව බෙදා ගත්තා.

අපේ ජීවිතේට අභියෝග ආවේ නෑ, හැල හැප්පීම් ආවෙ නෑ කියලා මම කියන්නේ නෑ. එහෙම කියනවා නම් ඒක බොරුවක්. නොයෙක් විදියේ හැල හැප්පීම් අපේ පවුල් ජීවිතේටත් ආවා. ඒත් ඒ දිහා බලලා සැලිලා ජීවිතේ වෙනස් කර ගන්න අපට සිද්ධ වුණේ නෑ. ධම්මික මේ හැම දෙයක් දිහාම බැලුවේ හැඟීම්වලින් නොවෙයි. බුද්ධියෙන්. බුද්ධිමත්ව ඒ හැම දෙයකටම මුහුණ දුන්නා.

ජීවිතේ ඔහොම තමයි, ඕන තරම් හැල හැප්පීම් තිබෙනවා. ඒ හැම දේටම මුහුණ දීලා ජීවිතේ ජයගන්න එක හපන්කමක්. සේමිණිටත් විවාහ ජීවිතේ දරන්න වුණු සුවිසල්ම අභියෝගයක් කාලෙකට ඉහත දී තිබුණා. ඒ විවාහ වෙලා අවුරුදු 06 ක් යනකල්ම දරු සම්පතක බලාපොරොත්තුව ඉටු නොවීම. එහෙත් ඇයත් – ධම්මිකත් ඉවසිලිවන්තව එයට මුහුණ දුන්නා. ඒ ඉවසීමේ ප්‍රතිඵලය තමයි ආදරණීය ‘කුමලි’ දියණිය. අද ඈ නව හැවිරිදි දැරියක්.

‘ගැහැනියක් වශයෙන් මේ ලෝකෙ ලබන්න පුළුවන් ලොකුම සම්පත ධම්මික මට දුන්නා. ඒ වාගේම ගැහැනියක් අපේක්ෂා කරන ආදරය, ප්‍රේමය, සෙනෙහස පමණක් නොවේ ආරක්ෂාව, රැකවරණයත් මට ධම්මික ළඟ තිබෙනවා.

 වෙලාවකට ඔහු මට සහෝදරයෙක් වගේ කාරුණිකයි. තවත් වෙලාවකට තාත්තා කෙනෙකුගෙන් ලැබෙන ආදරය රැකවරණය මට ඔහුගෙන් ලැබෙනවා. පසුගිය දිනයක සේමිණි – ධම්මික විවාහ දිවියේ 16 වන සංවත්සරය සමරනු ලැබුවා. මේ ඈ සමරපු පළවෙනි විවාහ සංවත්සරය.

මෙයත් සංවිධානය කර ඇත්තේ ඇගේ පවුලට හිතවත් ඇගේම මිතුරු මිතුරියන් පිරිසක්. ධම්මික වෘත්තියෙන් පොලිස් නිලධාරියෙක් වුණත් සාමාන්‍යයෙන් අපි අසා තිබෙන පොලිස් නිලධාරීන්ට වඩා දරදඬු ගතිවලින් අඩුයි.

නදීකා සහ සැමියා, රෙබෙකා නිර්මලී සමගින්.

විවාහ 16 වන සංවත්සර කේක් කපමින්.

සරත් රණවීර, සෑම් පෙරේරා හා සුරංග, දිනේෂ්, උමාල් එක් වෙමින්

ඒ අමුතු ගති ලක්ෂණ නිසා වෙන්නැති අවුරුදු 23 ක සේවා කාලයක් ගත වුණාට S I තනතුරේ සිට I P තනතුර වෙනකම් එක රෑන්ක් එකකින් පමණක් ඔහු ඉහළට ගිහින් තිබෙන්නේ. නීති ගරුක සාධාරණව ක්‍රියා කරන නිලධාරීන්ට වෙන්නේ ඕක තමයි.

ධම්මිකගේත්, මගේත් ජීවිතේ එළිය කළේ කුමලි. එයා අපේ ලෝකෙට ආපු දවසේ ඉඳන් තාත්තා කෙනෙක් විදියට ධම්මිකගෙන් ඉටුවෙන වගකීම්, යුතුකම් සියල්ල ඔහු අකුªරටම ඉටු කළා. මට සෙනෙහස පෑව සැමියෙක් වගේම කුමලිටත් එයා ආදරණීය පියෙක්. ඒ දෙන්නා හරිම යාලුයි. මගේ සැර වැරකම්වලින් කුමලිව බේර ගන්නෙත් ධම්මික.

සෙනෙහස සපිරි කැදැල්ලක හිමිකාරියක වූවා සේම සේමිණි සිය රංගන දිවියේද විවිධ කඩඉම් කරා ළඟා වූ තැනැත්තියකි. පසුගියදා පැවැති සිග්නිස් සම්මාන උළෙලේදී ඇය ‘කරුවල ගෙදර’ ටෙලි නාට්‍යයේ කළ රංගනය උදෙසා ‘හොඳම නිළිය’ සම්මානය වෙනුවෙන් නිර්දේශිත වූවාය.

‘කරුවල ගෙදර’ ටෙලි නාට්‍යයේ මමත්, චාන්දනී අක්කත් රඟපෑවේ සම චරිත නිරූපණයක්. හොඳම නිළිය සඳහා අපි දෙන්නම නිර්දේශ වෙලා තිබුණා. චාන්දනී අක්කට සම්මානය ලැබුණා. මට සතුටුයි චාන්දනී අක්කා වැනි අති දක්ෂ රංගන ශිල්පිණියක් සමඟ මගේ නම නිර්දේශ වී තිබීම ගැන.

 අනිත් පැත්තෙන් ‘කරුවල ගෙදර’ ටෙලි නාට්‍යය වෙනුවෙන් මම කරපු කැපවීම වෙනුවෙන් නිර්දේශිත නම් අතරට එකතුවීමත් මට සම්මානයක් ලැබුණා හා සමානයි. ඒ නිසා ජාතික කතෝලික සිනමා පර්ෂදයට හා එකී ජූරියට ඒ වෙනුවෙන් මම ස්තුතිවන්ත වෙනවා.

 

 

මම විවාහ වුණ නිසා රඟපාන්නේ පරිස්‌සමින්
ඕෂිනී ඩයස්‌ 

මේ දවස්‌වල "දුලංගනා" "සඳ නුඹ නම්" පමණක්‌ නෙවෙයි රූපවාහිනි වෙළෙඳ දැන්වීම් තුළිනුත් ඔබ හමුවන රුවැත්තිය ඇයයි. ක්‍ෂේත්‍රයට ඇය අමුත්තියත් නොවුවත් ඔබ සිත තුළ නම් ඇය ගැන දැනගැනීමේ වුවමනාවක්‌ ඇති බව අපට ස්‌ථිරයි. ඕෂිනි ඩයස්‌, ඇය කවුද......"ඇයගේ පදිංචිය කොහේද......." ඇගේ ජීවන තොරතුරු මොනවාද........ මෙතෙක්‌ මේ ප්‍රශ්නවලට ඔබට ලැබුණ උත්තර මොනවාදැයි මම ඔබෙන් නොවිමසන්නේ තවමත් ඇය ලංකාවේ ජනමාධ්‍ය ඉදිරියේ සම්මුඛ සාකච්ඡාවලට මුහුණ නොදුන් නිළියක්‌ නිසාවෙනුයි.

ඕෂිනී ඔබ රංගනයට සම්බන්ධ වුණේ

2005 වසරේ තමයි මම මූලින්ම රංගනයට සම්බන්ධ වුණේ. මම මුලින්ම ප්‍රධාන චරිතයක්‌ රඟපෑවේ චන්ද්‍රරත්න මාපිටිගම මහත්මියගෙ "පෙති අහුලන මල්" ටෙලි නාට්‍යයෙයි. ඊට පස්‌සේ ටෙලි නාට්‍ය කිහිපයකටමත් සිනමාවටත් සම්බන්ධ වෙන්න මට අවස්‌ථාව ලැබුණා. 

නමුත් අපේ ප්‍රේක්‌ෂකයන්ට සමීප නිරතුරු හමුවුණ නිළියක්‌ නෙමෙයි ඔබ.

මම රඟපෑමට සම්බන්ධ වෙලා ටික කාලයකින්ම ඔස්‌ටේ්‍රලියාවට ගියා. මම එහෙ වසර හතරක්‌ විතර ඉන්න අතරෙයි නැවත රඟපාන්න එකතුවුණේ. ඒ වගේම මම නිළියක්‌ විදිහට පුවත්පත් හා වෙනත් මාධ්‍යවලට මගේ තොරතුරු ලබා දුන්නේ නැහැ.

ඇයි ඔබ ප්‍රසිද්ධියට අකමැති කෙනෙක්‌ද? ඇත්තටම මම රඟපාන්න එනවට අපේ ගෙදරින් කැමැති වුණේ නැහැ. ඒ නිසා මම බොහොම අඩුවෙන් තමයි මේ ක්‍ෂේත්‍රයත් එක්‌ක කටයුතු කළේ. ඒත් මම රංගනයට වගේම වගේ ප්‍රේක්‌ෂකයන්ගේ ප්‍රතිචාර වලටත් බොහෝම ආදරය කරන කෙනෙක්‌.

මේ දවස්‌වල ඔබේ රංගනයන් ඇතුළත් නිර්මාණ ගැන කතා කළොත්.......

"දුලංගනා" සහ "සඳ නුඹ නම්" නිර්මාණවලට වැඩි ප්‍රතිචාර ලැබෙනවා. "සඳ නුඹ නම්" මෙගා ටෙලි නාට්‍යයක්‌ නිසා එම නිර්මාණය සමග දීර්ඝ කාලයක්‌ වැඩ කරන්න වේවි.

ඒ කියන්නෙ ඔබේ ඉදිරිය කාර්ය බහුලයි කියලද.....

ඇත්තෙන්ම නැහැ. මම වෘත්තීය මට්‌ටමෙන් රංගනයෙහි යෙදෙන කෙනෙක්‌ නෙවෙයි. මම විවාහක නිසා විවාහ දිවියට බාධාවක්‌ වෙන විදිහට රඟපෑම් කටයුතු භාරගන්නෙ නැහැ. ඒ නිසා මගේ පෞද්ගලික දිවියට බාධාවක්‌ නොවෙන්නයි මම රඟපාන්න කාලය වෙන්කර ගත්තේ.

ඕෂිනි ඔබ ඔස්‌ටේ්‍රලියාවෙ පදිංචිව සිටින කෙනෙක්‌ද?

මම ඔස්‌ටේ්‍රලියාවට ගියේ මගේ වැඩකටයුතුවලට. එහෙදී මම ඉගෙන ගැනීමත් කළා. මට ඒ රටේත් පුරවැසිභාවය තියෙනවා. ලංකාවේත් පුරවැසිභාවය තියෙනවා. මගේ වැඩකටයුතු අනුව මම මේ දෙරටේම ගත කරනවා. ඉදිරි දිනවල මම නැවත ඔස්‌ටේ්‍රලියාවට යනවා නමුත් දින දහයකින් පමණ නැවත ලංකාවට එනවා රඟපෑම් කටයුතු සඳහා.

ඕෂිනි ඔබේ පෞද්ගලික තොරතුරු ?

මගේ ගම පානදුර. අපේ පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මමයි, මල්ලියි. මම ඉගෙන ගත්තේ පානදුර යහපත් එඩේරාගේ කන්‍යාරාමයෙන්.


 

 

 


Read more »
Comments (0) »

Sachini Expecting a Baby

Published: Dec 31, 2010 by admin Filed under: Sachini Expecting a Baby

 

test

 

 

 


Read more »
Comments (0) »
Page 1 of 3



rnrn